Power Saver ඉතුරුම් ගිණුම්

මුදල් ඉතිරි කිරීමෙන් සහ පොලිය උපයා ගැනීමෙන් ඔබට ස්ථාවර ආදායමක් අවශ්‍යද? ඔබගේ දෛනික ශේෂය අනුව තීරණය වන අපගේ ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාත, ඊට අදාල අගයන් අනුව ඔබට තෝරා ගත හැකිය. සෑම මසකම අවසානයේ, දෛනිකව එකතු වූ පොලිය ගණනය කර ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ

ප්‍රධාන විශේෂාංග

සුදූසුකම්

• ශ්‍රී ලංකාවේ නේවාසිකව ජීවත් වන වයස අවුරුදූ 18ට ඉහළ ඕනෑම අයෙකුට පවර් සේවර් ඉතුරුම් ගිණුමකට අයැදූම් කළ හැක.
• ශ්‍රී ලංකාවේ පදිංචි වීසා නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි

අවශ්‍යතාවන්

• අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර තිබීම.
• ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.
• වර්තමාන පදිංචි ලිපිනය ජා. හැදුනුම්පතෙහි සදහන් ලිපිනය නොවන්නේ නම් පදිංචිය සනාථ කළ හැකි ඉදිරිපත් කිරීමක් (ජල,විදුලි බිල්පත්, ග්‍රාමසේවක සහතිකයක් වැනි)

 

අනුපාත සහ ගාස්තු

මුදල් ප්‍රමාණය

පොලී අනුපාතය

වා.ස.පො.අ

LKR 2,000.00 – 49,999.99

3%

3.05%

LKR 50,000.00 – 499,999.99

4%

4.08%

LKR 500,000.00 – 999,999.99

5%

5.13%

LKR 1,000,000 ට වැඩි

6%

6.18%

නියමයන් සහ කොන්දේසි

• ඉතුරුම් ගිණුමක් සඳහා අවම ආරම්භක ශේෂය රු. 2,000.00 කි
• මෙය තනි පුද්ගලයින් සඳහා පමණක් නිර්මාණය කර ඇති අතර ආයතනික ආයතන හෝ සංගම් විසින් විවෘත කළ නොහැක.
• අවශ්‍ය යැයි සැලකෙන පරිදි, අපගේ නියමයන් සහ කොන්දේසි සමාගමේ තනි අභිමතය පරිදි වෙනස් විය හැකිය.