011 2024848

අධ්‍යක්ෂක මණ්ඩලය

කුසලතා, දැනුම සහ අත්දැකීම්

වසර ගණනාවක දැනුම, කුසලතා සහ අත්දැකීම් එකට ගොනු කරමින්, අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය එක් අරමුණක සිට, එකා මෙන් කටයුතු කරමින්, HNB ෆයිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට ඇප කැප වී කටයුතු කරයි.

රජීව් දිසානායක මහතා සභාපති

දිසානායක මහතා බැංකුකරණ අංශය හා ප්‍රාග්ධන වෙළදපලද ආවරණය කරමින් දශක දෙකකට ආසන්න මනා කාර්ය පළපුරුද්දක් ලද්දෙකි......

රජීව් දිසානායක මහතා | සභාපති

රජිව් දිසානායක මහතා HNB Finance PLC හි සභාපතිවරයා ලෙස 2024 ජනවාරි 08 වන දින පත් කරන ලදී. ඊට පෙර ඔහු HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස 2017 වසරේ සිට කටයුතු කර ඇත. ඔහු HNB ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුවේ හා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපතිත්වය දරා ඇති අතර දැනට සමාගමේ උපායමාර්ගික සහ ආයෝජන සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දිසානායක මහතා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී SME සහ Micro Finance ලෙසද කටයුතු කරයි. ඔහු බැංකුකරණය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ දශක දෙකක අත්දැකීම් ඇති අතර මීට පෙර හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී හි ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ප්‍රධාන උපාය මාර්ග නිලධාරී තනතුරු හොබවමින් වසර 8කට වැඩි කාලයක් බැංකුවේ ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට අමතරව, ඔහු Acuity Partners (Pvt) Ltd, Lanka Venture PLC සහ Lanka Energy Fund PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. දිසානායක මහතා CFA වරලත් හිමිකරුවෙකි, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකු  සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.

චමින්ද ප්‍රභාත් මහතා කළමනාකරණ අධ්‍යක්ෂක

ප්‍රභාත් මහතා වෘත්තියෙන් මූල්‍යකරුවෙකු වන අතර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ ජාත්‍යන්තර සහතික ලත් ක්ෂුද්‍ර මූල්‍ය විශේෂඥයෙකි. ඔහුට පෞද්ගලික අංශයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇත....

චමින්ද ප්‍රභාත් මහතා | කළමනාකරණ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරි

ප්‍රභාත් මහතා වෘත්තියෙන් මූල්‍යකරුවෙකු වන අතර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ ජාත්‍යන්තර සහතික ලත් ක්ෂුද්‍ර මූල්‍ය විශේෂඥයෙකි. ඔහුට පෞද්ගලික අංශයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇත. ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (මූල්‍ය පිළිබඳ විශේෂ) ලබා ඇත. ප්‍රභාත් මහතා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ Fellow Member (FCMA, UK & CGMA),  ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ Fellow Member – FICM (SL), සහ වරලත් අලෙවිකරණ ආයතනයේ  සාමාජිකයෙකු(MCIM) වේ. ඔහු ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA, AUS) සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයට ඔහු කළ දායකත්වය අගයමින් ප්‍රදානය කරන ලද ඉන්දියාවේ World Consulting Research Corporation (WCRC) විසින් පිරිනමන “2014 Game Changer of the Year” යන ගෞරවනීය සම්මානය දිනා ඇත.

හසිත විජේසුන්දර මහතා ස්‌වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

හසිත විෙජේසුන්දර මහතා ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාපාරික අංශ සංවර්ධන වැඩසටහනේ උපදේශකවරයෙකු වේ....

හසිත විෙජේසුන්දර මහතා | ස්‌වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

හසිත විෙජේසුන්දර මහතා ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාපාරික අංශ සංවර්ධන වැඩසටහනේ උපදේශකවරයෙකු වේ. ඔහු ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයට අනුයුක්ත සංවර්ධන අංශ ප්‍රවීණයෙකුද වන අතර ක්ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය වෙළඳාම නියාමන ගැටළු ආංශික ක්‍රමෝපායන් සමාජ කාර්ය සාධන කළමනාකරණය හා සියල්ලන් අන්තර්ගත මූල්‍යකරණය යන ක්ෂේත්‍රයන්හි දශකයකට වැඩි අත්දැකීම් ලද්දෙකි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාපති උපාධිධරයෙකුද නීතිවේදී උපාධිධරයෙකුද දේශීය හා ජාත්‍යන්තර වෘත්තීය ආයතන ගණනාවක සහාය සාමාජිකත්වයද දරයි. 2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු මේවන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිිය පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී. විෙජේසුන්දර මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් මූල්‍ය හා කළමනාකරණ විද්‍යාලය සහ දූගී දූප්පතුන් වෙත සහාය දැක්වීමේ උපදේශන කණ්ඩායම හෙවත් කඨඡ වැනි කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයන්හි ක්ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍යකරණය පිළිබද වරලත් පුහුණුකරුවෙකුද වේ. එයට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද සේවය කරයි.

ශ්‍රී ලංකාව තුළ ලබා ඇති අත්දැකීම්වලට අමතරව කළාපීය මට්ටමින්ද ඔහු විසින් ප්‍රායෝගික පළපුරුද්දක් ලබා ඇත. ඉන්දූනීසියාවේ තිරසර කළාපීය ආර්ථික වර්ධන හා ආයෝජන වැඩසටහනේ පිලිපීනයේ හරිත ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනායතනයේ ඇගයුම් මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයෙකු වෙමින් ඔහු විසින් ඒවාහි ව්‍යාපෘති සැලැස්ම හා හැඩගැස්ම සැකසීමෙහි ලා සිය දායකත්වයද ලබාදෙන ලදි . ඉන්දියාව බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, මැලේසියාව හා පාකිස්තානයද ඇතුළත් රාජ්‍යයන්හි මූල්‍ය පද්ධති පිළිබද මනා දැනුමැත්තෙකු වන ඔහු ඒ ආශ්‍රිත විවිධ පැවරුම් කාර්යයන්හිද නිරත විය.

රුවන් මනතුංග මහතා ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ

2021 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රුවන් මනතුංග මහතා එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී....

රුවන් මනතුංග මහතා| ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ

2021 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රුවන් මනතුංග මහතා එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී.

මනතුංග මහතා හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී සමාගමෙහි ප්‍රධාන අවදානම් නිලධාරී/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වශයෙන් සේවය කරයි.

ඒ මහතා දශක දෙකකට වැඩි කාලයක් පුරා බැංකු හා මූල්‍ය සේවා අංශවල අත්දැකීම් සම්භාරයක් හිමිකර ගෙන තිබේ. මනතුංග මහතා මෙයට පෙර HSBC Sri Lanka සහ M/s Ernst & Young, Chartered Accountants, Sri Lanka යන ආයතනවල සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයෙහි සහ එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයෙහි අධි සාමාජිකයෙක් ද වේ.

ලලිත් විතාන මහතා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාක...

ලලිත් විතාන මහතා | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ  අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු දරා ඇති අතර එම කාලය තුළ ඔහු බැංකුල ව්‍යාපාර හා වෙළෙඳ අංශවල උසස් කළමනාකරණ තනතුරු හොබවා ඇතග ඔහු Brandix Group, Ernst and Young, Amsterdam Rotterdam (Amro) Bank, IBM World Trade, Corporation and Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation in (USA)වැනි බොහෝ ආයතන සමඟ වැඩ කර ඇති අතර අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.

ලලිත් විතාන මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරීවරයා ලෙසත් පසුව ඊට අනුබද්ධිත ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කළේයග ඔහු මේ වන විට Agility Consulting Services (Pvt.) Ltd නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද Laugfs Gas PLC, Laugfs Maritime Services (Pvt.) Ltd සහ Softlogic Life Insurance PLC හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් සිය වගකීම් ඉටු කරමින් සිටීග ඔහු වර්තමානයේදී Acuity Partners (Pvt.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර Project Management Institute, Colombo Chapter උපසභාපතිවරයා වශයෙන් ද සිය සේවාව ලබා දෙයි. එමෙන්ම ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා සමාජිකත්වය ද දරයි.
ඔහු මින් පෙර ලංකා බැංකුව, දංකොටුව පෝසිලේන් PLC” Merchant Bank of Sri Lanka PLC” Ceylease Limited සහ සෙලාන් බැංකුව ආදී ආයතනයන්හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. විතාන මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ^ TRCSL& කොමසාරිස්වරයෙකු ලෙස ද සේවය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ^MBA& උපාධියක් ලබා ඇති ලලිත් විතාන මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ^BA& ගෞරව උපාධිධාරියෙකිග ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCMA& සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCA& සාමාජිකයෙකිග ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ^ PMI & ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කරයි.

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි ...

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා | ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් සහිතව වසර පහළොවකට (15) අධික කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු හොබවා ඇත. ඒ මහතා මේ වන විට ඉන්දියාවේ S.M.I.L.E Microfinance Limited සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන අතර, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි Protimos Foundation ආයතනයෙහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. තවද ඒ මහතා ඉන්දියාවේ බෙංගලුරු නගරයේ යූනුස් සමාජ ව්‍යාපාර අරමුදලේ ආයෝජන කමිටු සාමාජිකයෙක් ද වේ. මුරලි මහතා මීට පෙර ඉන්දියාවේ Mimoza Enterprises Finance Company Limited, ඉන්දියාවේ Signumtree Consultancy Private Limited, එක්සත් රාජධානියේ Hocare Limited, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි Acer Engineers Private Limited සහ ඉන්දියාවේ Tripod Impex Private Limited වැනි ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ සමාගම් ගණනාවක ක්ෂුද්‍ර මූල්‍ය, තොරතුරු තාක්ෂණය, බෝතල් කළ ජලය සහ උපදේශන සේවා වැනි ක්ෂේත්‍රවල විශේෂඥභාවය සහිතව අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත.

මුරලි මහතා ඉන්දියාවේ ශ්‍රී වෙන්කටේෂ්වර විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද ලබාගෙන තිබේ. එමෙන්ම ඒ මහතා හාවඩ් ව්‍යාපාරික පාසලේ විධායක අධ්‍යාපන වැඩසටහන් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නායකත්වය පිළිබඳ විධායක ඉගෙනුම් වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. මුරලි මහතා එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ නිර්මාණ පාසලේ බාහිර පීඨ සාමාජිකයෙක් ද විය. මුරලි මහතාගේ ආයතනික පැතිකඩට අමතරව, ඒ මහතා නිසි හව්හරණක් අහිමි දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන Needy Illiterate Children Education ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඉන්දියාවේ දිළිඳු ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුම් සැපයීම සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන Partners in Prosperity ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ

මුරලි ශ්‍රීනිවාස් මහතා 2022 වසරේ සැප්තැම්බර් 15 දා සිට HNB Finance PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරයි.

බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ස්‌වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂක

2022 නොවැම්බර් 29 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට නැවත...

බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා | ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

 

2022 නොවැම්බර් 29 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී  හි   අධ්‍යක්ෂ මණ්ඩලයට නැවත පත් කරන ලදී.

ප්‍රේමලාල් මහතා මෙයට පෙර එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාගම් (ආයතනික පාලන) නියෝගය අනුව විශ්‍රාම යාමට පෙර 2020 ජුනි 29 වෙනිදා දක්වා සමාගමේ නියෝජ්‍ය සභාපති/ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළේය.

එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහ කැනඩාවේ වරලත් ව්‍යාපාර පරිපාලක ආයතනයේ සාමාජිකයෙක් වන ප්‍රේමලාල් මහතා මැලේසියාවේ විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇත.

දශක තුනක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වන අතර, එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ දෙවන ප්‍රධානතම කොටස් හිමියා වන සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ එම සමූහයේ සභාපතිවරයා ද වේ.

ඒ මහතා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ලබා තිබෙන අතිවිශාල අත්දැකීම් සම්භාරය සහ ව්‍යවසායකයෙක් ලෙස තවත් බොහෝ කර්මාන්තවල ලබා ඇති පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් ඒ මහතාට zz UCD Entrepreneur of the Year – 2011ZZ සම්මානය පිරිනමන ලදී. එමෙන්ම, ඒ මහතා රටේ වර්ධනයේ ධාවකය මෙහෙයවූ සහ රටේ සැබෑ වත්කම් වන ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරිකයන් 50 දෙනා අතරට ඇතුළත් කරමින් LMD විසින් 2018 වසරේ “ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ”A-ලැයිස්තුවේ ව්‍යාපාරිකයෙකු ලෙසද ඇතුළත් කරනු ලැබීමෙන් ගෞරවයට පාත්‍ර විය.

මේ වන විට ඒ මහතා සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්ගලික) සමාගමේ සහ භූමි රියැලිටි හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගමේ සභාපති/විධායක අධ්‍යක්ෂ ලෙස ද, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පී.එල්.සී. සමාගමේ සමසභාපති/අධ්‍යක්ෂ ලෙස ද සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් ඕස්ට්‍රේලියා හිමිකාරීත්ව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම, ඒ මහතා 2021/22 වසර සඳහා ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමයේ සභාපතිවරයාද විය.

 

අනුර පතිරගේ මහතා ස්වාධීන නොවන , විධායක නොවන අධ්‍යක්ෂ

පතිරගේ අනුර පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශ රටවල ද ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවල වසර දහඅටකට (18) අධික කාලයක් ඇතුළුව පෞද්ගලික අංශයේ වසර විසි එකකට (21) අධික පළපුරුද්දක් ලබා ඇති, ...

අනුර පතිරගේ මහතා | ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ

පතිරගේ අනුර පෙරේරා  මහතා ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශ රටවල ද ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවල වසර දහඅටකට (18) අධික කාලයක් ඇතුළුව පෞද්ගලික අංශයේ වසර විසි එකකට (21) අධික පළපුරුද්දක් ලබා ඇති, මුල්‍ය අංශයේ ප්‍රවීන වෘත්තිකයෙකි. අනුර පතිරගේ මහතා මේ වන විට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පී.එල්.සී. සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

අනුර පතිරගේ මහතා මෙයට පෙර ‘බේකර් ටිලි ශ්‍රී ලංකා’ වරලත් ගණකාධිකාරී සමාගමේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරා ඇති අතර, එහිදී ඒ මහතා කළමනාකරණ උපදේශක සහ බදු උපදේශක සේවා සපයා දුන්නේය. එම ගණකාධිකාරී ආයතනයේ ලේකම් අංශය වන කෝපරේට් සෙක්‍රටරීස් ප්‍රැක්ටිස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඒ මහතා එම ආයතනයේ කළමනාකරණ සහ උපදේශන අංශයන්හි අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. තවද, අනුර පතිරගේ  මහතා මාලදිවයිනේ සයිප්‍රියා සමාගම් සමූහයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස ද සේවය කරමින්, අන්තර්ජාතික වෙළඳාම, ගුවන් සේවා මෙහෙයුම්, ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ස්වකීය දායකත්වය ලබා දෙමින් පුළුල් ලෙස අන්තර්ජාතික මට්ටමෙන් අත්දැකීම් ලබා ඇත.

පතිරගේ මහතාගේ විවිධත්වයකින් යුක්ත වූ වෘත්තීය ගමන් මගේ දී ඒ මහතා ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රක්‍ෂණ යන ක්‍ෂේත්‍රවල සේවය කිරීමෙන් සැලකිය යුතු අත්දැකීම් සම්භාරයක් ද ලබා ගෙන ඇත.

අනුර පතිරගේ මහතා ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ වරලත් බදු උපදේශකයෙක් ලෙස ද, ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙක් ලෙස ද, ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් ලෙස ද ඇතුළුව කීර්තිමත් වෘත්තීය සාමාජිකත්වයන් ගණනාවක් දරයි. ඒ මහතාගේ අධ්‍යාපනික පසුබිම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගත් දෙවන පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිත විද්‍යාවේදී (BSc) කළමනාකරණ (විශේෂ) උපාධියකින් සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් නව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ව්‍යාපාර කළමනාකරණපති (MBA) උපාධියකින් ද සමන්විත වේ.

 

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ

තොරතුරු තාක්ෂණ ඉංජිනේරු වෘත්තීයවේදියෙක් වන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා කැන්බෙරා නුවර ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන විදුලිසංදේශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබ...

තොරතුරු තාක්ෂණ ඉංජිනේරු වෘත්තීයවේදියෙක් වන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා කැන්බෙරා නුවර ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන විදුලිසංදේශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. එමෙන්ම, ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මාස්ටර්ස් උපාධිය සහ ප්‍රථම පංතියේ සාමාර්ථයක් සහිතව ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ විදුලි සංදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ගෙන ඇත.
එයට අමතරව, ආචාර්ය සමරසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ I කොටසෙහි සහ II කොටසෙහි සහතිකලත් වෘත්තීයවේදියෙක් වන අතර, 1991 වර්ෂයේ දී එම ආයතනයේ මූල්‍ය ගිණුම්කරණය, ව්‍යාපාර ගණිතය, සංඛ්‍යානය සහ දත්ත සැකසීම පිළිබඳ ඉහළම සාධනලාභියාගේ තත්ත්වය දිනාගත්තේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන ආචාර්ය සමරසිංහ මහතා 2022 ඔක්තෝම්බර් මාසයේ සිට හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සේවය කරයි. තවද, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ආචාර්ය සමරසිංහ මහතා 2005 ජූලි මාසයේ සිට ලංකා බෙල් (පුද්) සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා / අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. එමෙන්ම, ඒ මහතා ටෙලිකොම් ෆ්‍රන්ටියර් (පුද්) සමාගම, බෙල් සොල්‍යුෂනස් (පුද්) සමාගම සහ බෙල්වැන්ටේජ් (පුද්) සමාගම යන සමාගම්වල ද කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. එයට අමතරව ඒ මහතා හේලීස් ෆයිබර් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කරන අතර, 2017 සැප්තැම්බර් මාසයේ සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සේවය කරයි.