Appropriately facilitate principle-centered bandwidth.

HNB FINANCE වෙතින් කිලිනොච්චියට නව රන් ණය මධ්‍යස්ථානයක්

Continually customize cross-platform information for team driven content. Seamlessly.

රන් ණය සඳහා උතුරු නැගෙනහිර පළාත් හි වැඩිවෙමින් පවතින ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි නවතම රන් ණය මධ්‍යස්ථානය අංක 8, කනගපුරන් පාර, උදය නගර්, නැගෙනහිර කිලිනොච්චිය යන ලිපිනයෙහි පිහිටි HNB FINANCE කිලිනොච්චි ශාඛා පරිශ්‍රයේදී පසුගියදා විවෘත විය.

 මෙම අභිනව කිලිනොච්චි රන් ණය මධ්‍යස්ථානය  HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ශාඛා කාර්යමණ්ඩලය, ගනුදෙනුකාර භවතුන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා එක් වූහ.

පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් HNB FINANCE  සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ රන් ණය සේවාවන් වන Gold Loan, Gold Plan, සහ VIP Gold Loan සේවා මූල්‍ය සමාගමකින් හඳුන්වා දුන් ප්‍රශස්තම රන් ණය විසඳුම් ලෙස අවිවාදයෙන්ම පැවසිය හැක. රන් පවුමක් සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ  විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ලබාගැනීමට HNB FINANCE රන් ණය සේවාව මගින් ඉඩකඩ සැලසෙන අතර අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත විශ්වාසවන්ත ගනුදෙනුවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා මෙම නව රන් ණය සේවා මධ්‍යස්ථානය කදිම විසදුමක් වනු ඇත.

HNB FINANCE රන් ණය සේවාව යටතේ ක්‍රියාත්මක Gold Plan සේවාව රන් ණය ක්ෂේත්‍රයේ පෙරළිකාර සේවාවක් වන අතර පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි මිලදී ගැනීමට අපේක්ෂා කරන රන් භාණ්ඩ සඳහා ණය මුදලක් HNB FINANCE  විසින් ලබා දෙන අතර මෙම ණය මුදල  මාසික වාරික මගින් පියවීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසේ. මෙම ආයෝජන සැලසුම වඩාත් කාලීන මූල්‍ය සැලසුමක් වන්නේ පාරිභෝගිකයින්ගේ රන් සංචිත වර්ධනය කර ගැනීමටත් , ඕනෑම අවස්ථාවක් සදහා රන් භාන්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රශස්තම ක්‍රියාමාර්ගයක් වීමත් නිසාය. එමෙන්ම HNB FINANCE විසින් හඳුන්වාදුන් VIP Gold Loan රන් ණය සේවාව ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස පැවසිය හැකි අතර පාරිභෝගිකයාගේ රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදලක් ඉතා ඉක්මනින් පිරිනැමීමට ද සමාගම කටයුතු කරයි. ව්‍යාපාරික කටයුතු වලදී ඇති වන මුදල් අවශ්‍යතා පියවා ගැනීමට වාණිජ ණය වෙත යොමු වීමට ව්‍යාපාරිකයින් නිරතුරුව කටයුතු කරයි. මෙහිදී ඒ සඳහා ඔවුන්ට ගෙවීමට සිදුවන පොළිය ද ඉහළ අගයක් ගනී. මෙවැනි පසුබිමකදී HNB FINANCE හි රන් ණය සේවාවන් ව්‍යාපාරික අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් ඔවුනට වඩාත් ම ගැලපෙන රන් ණය විසඳුම ලබා දීමට කටයුතු කිරීම සුවිශේෂිත්වයකි.

“ කිලිනොච්චිය සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ග්‍රාමීය කෘෂි සහ සත්ත්ව පාලනය මූලික කරගත් ආර්ථිකයක් සහිත ජනතාවකගේ අවශ්‍යතාවන් පිළිබඳව සංවේදී වෙමින් ඔවුන්ට ගැලපෙන පුද්ගල මූල්‍ය අවශ්‍යතා ලබාදීමට අපි කැපවන අතර දැනටමත් පාරිභෝගිකයින්ව සිටින හා නව පාරිභෝගිකයින්ට HNB FINANCE හි මූල්‍ය සේවා සමග සම්බන්ධ වී ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවා ගන්නා මෙන් අපි ඔවුන්ට ඇරයුම් කර සිටිනවා” යනුවෙන් HNB FINANCE හි රන් ණය අංශයේ ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

අවම ලිපිලේඛන සංඛ්‍යාවක් සහිත වඩාත් කාර්යක්ෂම සේවාවක් තුළින් පාරිභෝගිකයින්ගේ රන් භාණ්ඩ සඳහා වෙළෙඳපොලේදී හිමි වන හොඳම වටිනාකම ලබා දීමට HNB FINANCE නිරතුරුව කටයුතු කරයි.